නිතර අසන ප්‍රශ්න
පෙරහන් කරන්න
නිතර අසන ප්‍රශ්න
නමෙන් පමණක් සෙවීම වෘත්තීකයෙකු තහවුරු කිරීමට විශ්වාසදායක ක්‍රමයක් නොවේ. බොහෝ වෘත්තීකයන් එකම හෝ සමාන නම් භාවිතා කළ හැකි අතර, සමහර අයට සමාන සුදුසුකම් වර්ගද තිබිය හැක. මෙය ඔබ සොයාගන්නේ නිවැරදි පුද්ගලයා බව තහවුරු කිරීම අපහසු කරයි.
වෘත්තීකයෙකු තහවුරු කිරීමේ වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ ඔවුන්ගේ CPN (Certification Practitioner Number) භාවිතා කිරීමයි. . සෑම සහතික ලත් වෘත්තීකයෙකුටම අද්විතීය CPN අංකයක් ඇත. මෙය භාවිතා කිරීමෙන් ඔවුන්ගේ වර්තමාන සහතික තත්ත්වය විශ්වාසයෙන් තහවුරු කළ හැකිය.
අප නිර්දේශ කරන්නේ:
- වෘත්තීකයාගෙන් ඔවුන්ගේ CPN අංකය ඉල්ලා ගැනීම
- ඔවුන්ගේ සුදුසුකම් තහවුරු කිරීමට NAATI “Check a Practitioner” මෙවලම භාවිතා කිරීම
අපගේ පොදු නාමාවලිය සැලසුම් කර ඇත්තේ තම විස්තර ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති වෘත්තීකයන් සොයාගෙන ඔවුන් සමග සම්බන්ධ වීමට ඔබට උපකාර කිරීම සඳහාය. සියලුම වෘත්තීකයන් නාමාවලියේ පෙන්වනු නොලැබේ, විශේෂයෙන්ම ඔවුන් තම සම්බන්ධතා තොරතුරු නොපෙන්වීමට තීරණය කර ඇත්නම්.
ඔබ සහතික ලත් වෘත්තීකයෙකු සමඟ කටයුතු කරන බව තහවුරු කර ගැනීමට, සෑම විටම ඔවුන්ගේ CPN අංකය ඉල්ලාගෙන, එය නිල මෙවලම භාවිතා කර තහවුරු කර ගන්න.
මෙම භාෂා ලැයිස්තුවේ පෙන්වන්නේ, අවම වශයෙන් එක් NAATI සහතික ලත් වෘත්තිකයෙකු මෙම නාමාවලියෙහි පෙනී සිටීමට තෝරාගෙන ඇති භාෂා පමණි.
ඔබගේ භාෂාව ඔබට නොපෙනේ නම්, එයට හේතු විය හැක්කේ:
- එම භාෂාව සඳහා දැනට වෘත්තිකයන් නොමැති වීම, හෝ
- එම භාෂාව සඳහා වෘත්තිකයන් තම විස්තර මෙම නාමාවලියෙහි පෙන්වීමට තෝරාගෙන නොතිබීම විය හැකිය.
වෘත්තිකයන් එයට සම්බන්ධ වීමට තෝරාගන්නා විට අපි නාමාවලිය නිරන්තරයෙන් යාවත්කාලීන කරන්නෙමු.
මෙම නාමාවලියෙහි ඇතුළත් භාෂා සාමාන්‍යයෙන් සම්මත ISO 639-3 භාෂා නාමයන් භාවිතා කර ලැයිස්තුගත කර ඇත. මෙයින් අදහස් වන්නේ සමහර භාෂා වෙනස්, නමුත් සම්බන්ධිත, නාමයකින් පෙන්විය හැකි බවය.
උදාහරණයක් ලෙස, ස්වහිලී වෙනුවට කිස්වහිලී ලෙස පෙන්විය හැකිය.
ඔබට ඔබගේ භාෂාව සොයාගත නොහැකි නම්, පහත ආකාරයෙන් සෙවීමට උත්සාහ කරන්න:
- වඩා පුළුල් භාෂා නාමයකින්
- විකල්ප අක්ෂර වින්‍යාසයකින්
ඔබට තව දුරටත් සැකයක් තිබේ නම්, අපගේ මාර්ගෝපදේශය බලන්න: සහතික ලත් භාෂණ පරිවර්තකයන් හෝ පරිවර්තකයන් නොමැති විට කළ යුතු දේ නැත්නම් අප අමතන්න උපකාර සඳහා.
'තහවුරු කර ඇත, නමුත් කාලය ඉකුත් වී ඇත’ යන්නෙන් අදහස් වන්නේ, NAATI විසින් එම වෘත්තීකයා කලින් සහතික කර තිබුණද, ඔවුන්ගේ සහතිකය දැන් වලංගු නොවන බවයි. NAATI සහතික සෑම වසර තුනකට වරක් නැවත සහතික කිරීම නැමති ක්‍රියාවලියක් මගින් නවීකරණය කළ යුතුය. ඒවා නැවත සහතික නොකළහොත්, ඒවාගේ කාලය ඉකුත් වේ. කාලය ඉකුත් වූ සහතිකයක් ඇති වෘත්තීකයෙකු වර්තමාන වෘත්තීය ප්‍රමිතීන් සපුරාලන බවට NAATI හට තහවුරු කළ නොහැක.
පරිවර්තන සඳහා: NAATI සහතික ලත් භාෂා පරිවර්තකයෙකු විසින් ඔවුන්ගේ සහතිකය ක්‍රියාත්මකව තිබූ අවස්ථාවේදී පරිවර්තනයක් සිදු කළේ නම්, එය කාල සීමාවක් නොමැතිව වලංගු වේ.
පරිවර්තන සඳහා කල් ඉකුත් වීමේ දිනයක් නොමැත. NAATI සහතික ලත් පරිවර්තකයෙකු විසින් ලේඛනයක් පරිවර්තනය කළ පසු, එය අසීමිත කාලයක් සඳහා වලංගු වේ. කෙසේ වෙතත්, රජයේ ආයතන වැනි සමහර ආයතන නවතම පරිවර්තනයක් හෝ අන්තර්ගතය වෙනස් වී නොමැති බව තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකිය. එබැවින් ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සම්බන්ධයෙන් සැමවිටම පරීක්ෂා කිරීම වඩාත් සුදුසුය.
වෘත්තික පැතිකඩවල අඩංගු සමහර තොරතුරු වරණීය වන අතර ඒවා වෘත්තිකයා විසින්ම ලබාදෙන ලද තොරතුරු වේ. NAATI විසින් වෘත්තිකයන්ට ඔවුන්ගේ සුදුසුකම්, සේවා හෝ විශේෂඥ ක්ෂේත්‍ර වැනි විස්තර බෙදා ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීමට ඉඩ ලබාදෙයි. ඒ නිසා එම තොරතුරු NAATI විසින් සත්‍යාපනය කර නොමැත.
යම් ක්ෂේත්‍රයක් පෙන්වා නොමැති නම්, එයින් අදහස් වන්නේ වෘත්තිකයා එය බෙදා ගැනීමට තීරණය කර නොමැති බව පමණි. එය ඔවුන්ට එම ක්ෂේත්‍රයේ පුහුණුව හෝ පළපුරුද්ද නොමැති බව එමගින් අදහස් වන්නේ නැත.
මෙම මෙවලම මගින් භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු NAATI විසින් දැනට සහතික කර තිබේද යන්න පරීක්ෂා කිරීමට සහ ඔවුන්ගේ සහතික විස්තර බැලීමට ඉඩ සලසයි.
එමගින් ඔබ යොදා ගැනීමට අදහස් කරන වෘත්තිකයා සුදුසුකම් ලත්, සහතික ලත් සහ වෘත්තීය සේවා සැපයීමට හැකි අයෙකු බව තහවුරු කරයි. නැතහොත්, ඔබට ලැබුණු පරිවර්තනයක් NAATI සහතික ලත් පරිවර්තකයෙකු විසින් සිදු කර ඇතිද යන්න ද ඔබට පරීක්ෂා කළ හැකිය.
සහතික ලත් NAATI වෘත්තිකයෙකු ලබාගත නොහැකි නම්, භාෂාව සහ තත්ත්වය අනුව වෙනත් විකල්ප තිබිය හැකිය.
ප්‍රායෝගික මගපෙන්වීම සහ ඊළඟ පියවර සඳහා, අපගේ ලිපිය “සහතික ලත් භාෂණ පරිවර්තකයන් හෝ පරිවර්තකයන් නොමැති විට කුමක් කළ යුතුද” කියවන්න.
එය ඔබගේ අවශ්‍යතාවයන් මත රඳා පවතී. වැඩිදුර මගපෙන්වීම සඳහා අපගේ ලිපිය "පුද්ගලයෙකු හෝ භාෂා සේවා සපයන්නෙකු තෝරාගැනීම" කියවන්න.
ක්ෂේත්‍රයක විශේෂ දැනුම යනු නීති, වෛද්‍ය, සෞඛ්‍ය, අධ්‍යාපන හෝ ප්‍රජා සේවා වැනි විශේෂිත විෂය ක්ෂේත්‍රයක, වෘත්තීය නිපුණයෙකුට ඇති දැනුම සහ අත්දැකීම් වේ.
අදාළ ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර විශේෂ දැනුම ඇති වෘත්තීය නිපුණයෙකු තෝරා ගැනීම මගින්, භාෂා පරිවර්තනය හෝ භාෂණ පරිවර්තනය නිවැරදි, සුදුසු සහ අරමුණට ගැළපෙන ලෙස සිදු වන බව සහතික කිරීමට උපකාරී වේ. NAATI මාර්ගගත නාමාවලියේ ක්ෂේත්‍ර විශේෂ දැනුම සඳහන් කිරීම වෘත්තීකයාගේ තේරීමක් වන අතර එය NAATI විසින් තහවුරු කරනු නොලැබේ. වෘත්තීකයෙකු එය සඳහන් කර නොමැති වුවද, ඔවුන්ට එම ක්ෂේත්‍රයේ අත්දැකීම් නොමැති බව එයින් අදහස් නොවේ.
සමහර සංස්කෘතීන්වල අනුව, පුද්ගලයෙකුට යම් ලිංගභේදයක භාෂණ පරිවර්තකයෙකු සමග පමණක් කතා කිරීම වඩාත් පහසු විය හැක. උදාහරණයක් ලෙස, කාන්තාවක් සෞඛ්‍ය හෝ නීතිමය සංවේදී කරුණු සඳහා කාන්තා භාෂණ පරිවර්තකයෙකු භාවිත කිරීමට කැමති විය හැකිය. මෙම විකල්පය ලබාදීම මගින් සේවාදායකයන්ට ආරක්ෂිත සහ ගෞරවනීය පරිසරයක් සැපයෙන අතර සන්නිවේදනය නිවැරදිව සිදුවන බව ද සහතික කරයි.
මාර්ගගත නාමාවලියේ ලිංගභේදය පෙන්වීම වරණීය වන අතර එය වෘත්තිකයාගේ තීරණය මත රඳා පවතියි.