සම්පත් සහ බාගත කිරීම්
ආචාරධර්ම සංග්‍රහය පිළිබඳ පැහැදිලි කිරීම
NAATI මගින් සහතික කරන ලද භාෂා පරිවර්තකයෝ සහ භාෂණ පරිවර්තකයෝ ආචාරධර්ම සංග්‍රහයක් සහ චර්යා ධර්ම සංග්‍රහයක් පිළිපැදීමට බැඳී සිටිති. මෙයින් අදහස් වන්නේ, වෛද්‍යවරයෙකු හෝ ගණකාධිකාරවරයෙකු කෙරෙහි ඔබ තබන විශ්වාසයට සමානව, NAATI සහතික ලත් ඕනෑම භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු පිළිබඳව ඔබට විශ්වාස කළ හැකි බවය.
නිතර අසන ප්‍රශ්න
එය ඔබගේ අවශ්‍යතාවයන් මත රඳා පවතී. වැඩිදුර මගපෙන්වීම සඳහා අපගේ ලිපිය “පුද්ගලයෙකු හෝ භාෂා සේවා සපයන්නෙකු තෝරාගැනීම” කියවන්න.
බොහෝ පරිවර්තකයෝ සහ භාෂණ පරිවර්තකයෝ දුරස්ථව සේවය කරති. එයින් අදහස් වන්නේ ඔවුන්ට දුරකථනය හෝ වීඩියෝ ඇමතුමක් හරහා ඔබට උපකාර කළ හැකි බවය. ඔබට ඕනෑම ස්ථානයක සිටින පරිවර්තකයෙක් හෝ භාෂණ පරිවර්තකයෙක් සොයාගත හැකිය.
සමහර හමුවීම් සඳහා, භාෂණ පරිවර්තකයෙකු ඔබ සමග මුහුණට මුහුණ සිටීම අවශ්‍ය විය හැකිය. ඔබට යමෙක් මුහුණට මුහුණ හමු වීමට අවශ්‍යද යන්න ඔබගේ තත්ත්වය, සේවාවේ වර්ගය, සහ කාලසීමාව මත රඳා පවතී. ඔබට අසල සිටින වෘත්තිකයන් සොයා ගැනීම සඳහා NAATI මාර්ගගත නාමාවලියේ ස්ථානය අනුව පෙරහන් කළ හැකිය.
සහතික ලත් NAATI වෘත්තිකයෙකු ලබාගත නොහැකි නම්, භාෂාව සහ තත්ත්වය අනුව වෙනත් විකල්ප තිබිය හැකිය.
ප්‍රායෝගික මගපෙන්වීම සහ ඊළඟ පියවර සඳහා, අපගේ ලිපිය “සහතික ලත් භාෂණ පරිවර්තකයන් හෝ පරිවර්තකයන් නොමැති විට කුමක් කළ යුතුද” කියවන්න.