පාර්ශවකරුවන් සඳහා වන කට්ටලය සහ ප්රචාරක සම්පත්
‘ ‘අප සියලු දෙනාටම අවබෝධ වීමට හිමිකම ඇත’ ’ යනු සෞඛ්‍ය සේවා පරිසරයන් විශේෂයෙන් අවධානයට ගනිමින්, NAATI සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ අත්‍යවශ්‍ය භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රචාරණ ව්‍යාපාරයකි. මෙමගින් රෝගීන්ට, මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් වෙනුවට වෘත්තීය භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටීමට දිරිමත් කරන අතර, සෞඛ්‍ය සේවා ආයතන තම සේවා සැපයීමේ වගකීමේ කොටසක් ලෙස සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ භාවිතයේ වැදගත්කම හඳුනා ගැනීමට සහය දක්වයි.
මෙම ප්‍රචාරණ ව්‍යාපාරය පිළිබඳ මෙතැනින් වැඩිදුර කියවන්න . .
පාර්ශවකරුවන් සඳහා වන මෙම කට්ටලය භාවිතා කරන ආකාරය
මෙම කට්ටලයේ ඇති සම්පත් භාෂාව කුමක් වුවද විශ්වාසයෙන් යුතුව සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශ වීමට හැකි වන පරිදි බලගැන්වීම සඳහා රෝගීන්, පවුල් සහ ප්‍රජාවන් සමග බෙදා හදා ගැනීමට පාර්ශවකරුවන් දිරිමත් කරනු ලැබේ. මෙය රෝගීන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් දෙපාර්ශ්වයටම NAATI සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ වැදගත්කම සහ එවැනි පරිවර්තකයෙකු යොදා නොගැනීමෙන් ඇති විය හැකි අවදානම් හඳුනා ගැනීමට උපකාරී වේ.
ඔබට හෝ ඔබගේ ප්‍රජාවට ගැළපෙන පහත දැක්වෙන ඕනෑම සම්පතක් ඔබට බාගත කරගත හැකිය හෝ සබැඳි හරහා භාවිතා කළ හැකිය. මේවා සමාජ මාධ්‍යයේ, පුවත් ලිපිවල, අන්තර්ජාලයේ හෝ ඊමේල් මගින් නොමිලේ බෙදා ගත හැකිය. ඔබ LinkedIn හරහා බෙදා හන්නේ නම්, ඔබගේ පළ කිරීම තුළ NAATI ටැග් කළ හැකිය.
ඔබට මෙම ව්‍යාපාරය වඩාත් නිල හෝ විධිමත් පරිසරයක ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නම් (උදාහරණයක් ලෙස, උත්සවයකදී අපගේ වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම හෝ ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයක රේඩියෝ දැන්වීමක් විකාශනය කිරීම මගින්), කරුණාකර අප සමඟ සම්බන්ධ වන්න communications@naati.com.au
සියලු ප්රචාරක සම්පත්
සමාජ මාධ්‍ය සඳහා ටයිල්
විකාශනය සඳහා සම්පත්
භාෂා උපසිරැසි සහිත තත්පර 60ක රූපවාහිනී වෙළඳ දැන්වීම (Vimeo සබැඳි)
ප්‍රචාරණ ගුවන් විදුලි කෙටි දැන්වීම් (තත්පර 45)
- Amy Wang සමග මැන්ඩරීන් – සහතික ලත් සම්මන්ත්රණ භාෂණ පරිවර්තක (මැන්ඩරින්/ඉංග්‍රීසි), සහතික ලත් භාෂණ පරිවර්තක (මැන්ඩරින්/ඉංග්‍රීසි) සහ සහතික ලත් පරිවර්තක (ඉංග්‍රීසි සිට චීන)
- වියට්නාම් Tiết Thu සමග – සහතික ලත් තාවකාලික භාෂණ පරිවර්තක (වියට්නාම/ඉංග්‍රීසි)
- Angela Tse සමග කැන්ටනීස් – සහතික ලත් භාෂණ පරිවර්තක (මැන්ඩරින්/ඉංග්‍රීසි සහ කැන්ටනීස්/ඉංග්‍රීසි)
- Lama Al-Akhras සමග අරාබි – සහතික ලත් භාෂණ පරිවර්තක (අරාබි/ඉංග්‍රීසි), සහතික ලත් විශේෂඥ නීති භාෂණ පරිවර්තක (අරාබි/ඉංග්‍රීසි)
- Voula Tomaras සමග ග්‍රීක් – සහතික ලත් භාෂණ පරිවර්තක (ග්‍රීක/ඉංග්‍රීසි), සහතික ලත් පරිවර්තක (ග්‍රීක සිට ඉංග්‍රීසි)
- Cassie Lee සමග කොරියානු – සහතික ලත් භාෂණ පරිවර්තක (කොරියානු/ඉංග්‍රීසි), සහතික ලත් පරිවර්තක (කොරියානු සිට ඉංග්‍රීසි)
- Francesco Privitera සමග ඉතාලි – Certified Interpreter (Italian/English)
- Shiwali Verma සමග පන්ජාබි – සහතිකලත් තාවකාලික භාෂණ පරිවර්තක (පන්ජාබි/ඉංග්‍රීසි සහ හින්දි/ඉංග්‍රීසි) , සහතික ලත් පරිවර්තක (ඉංග්‍රීසි සිට හින්දි දක්වා)
- Cintia Lee සමග ස්පාඤ්ඤ – Certified සහතික ලත් භාෂණ පරිවර්තක (ස්පාඤ්ඤ/ඉංග්‍රීසි) , සහතික ලත් පරිවර්තක (ස්පාඤ්ඤ සිට ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සිට ස්පාඤ්ඤ)
- Mohammad Tamim Sayed සමග ඩාරි – සහතික ලත් භාෂණ පරිවර්තක (ඩාරි/ඉංග්‍රීසි), පිළිගත් ක්‍රියාත්මක භාෂණ පරිවර්තක (හසරාගි/ඉංග්‍රීසි)
- Maryam Hosseini සමග පර්සියානු – සහතික ලත් භාෂණ පරිවර්තක (පර්සියානු/ඉංග්‍රීසි), සහතික ලත් පරිවර්තක (පර්සියානු සිට ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සිට පර්සියානු) )
- Sudhir Shakya සමග නේපාලි – සහතික ලත් තාවකාලික භාෂණ පරිවර්තක (නේපාලි/ඉංග්‍රීසි), සහතික ලත් පරිවර්තක (නේපාලි සිට ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සිට නේපාලි) Nepali )







