අවබෝධය අප සැමටම හිමිවිය යුතුය
NAATI-සහතික ලත් භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටින්න.
ගැටලුව
ආරක්ෂිත සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පැහැදිලි සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. එමගින් පුද්ගලයන්ට තම සෞඛ්‍යය ගැන අවබෝධ කර ගැනීමට, දැනුවත් තීරණ ගැනීමට, සහ නිවැරදි වේලාවේ දී නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර කරයි.
සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු සහ රෝගියෙකු අතර භාෂා බාධක ඇති වීම සෞඛ්‍ය සේවාවන් ව්‍යාකූල හෝ අනාරක්ෂිත වීමට හේතු විය හැකිය. වැදගත් තොරතුරු වැරදි ලෙස තේරුම් ගැනීම හෝ මගහැරී යාම සිදුවිය හැකි අතර එවිට ප්‍රශ්න ඇසීම, වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම හෝ ප්‍රතිකාර තීරණ පිළිබඳ විශ්වාසයෙන් සිටීම දුෂ්කර විය හැකිය. මෙය වැරදි සහ අසාධාරණ සෞඛ්‍ය ප්‍රතිඵල ඇතිවීමට හේතු විය හැකිය.
පවුලේ සාමාජිකයන් හෝ පුහුණුව නොලැබූ ද්විභාෂික කාර්ය මණ්ඩල සේවකයන් භාෂණ පරිවර්තනය සඳහා යොදා ගැනීම මගින් පුද්ගලයන් අවදානමට ලක් වීම සිදු විය හැකිය. තොරතුරු නිවැරදි නොවීම, පුද්ගලික විස්තර බෙදා ගැනීම, සහ සංවේදී සංවාද අපහසු හෝ අසහනයකාරී වීම මේ අවස්ථාවල දී සිදු විය හැකිය.
NAATI-සහතික ලත් භාෂණ පරිවර්තකයන් සෞඛ්‍ය සේවා වඩාත් ආරක්ෂිත සහ සියලුදෙනා ඇතුළත් වන පරිසරයක් බවට පත් කිරීමට උපකාරී වේ. ඔවුන් රෝගීන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර පැහැදිලි, නිවැරදි සහ රහස්‍ය සන්නිවේදනයට සහාය වෙයි. එමගින් සියලුදෙනාටම තේරුම් ගැනීමටත්, තේරුම් ගනු ලැබීමටත් හැකියාව ලැබේ.
සාධාරණ සෞඛ්‍ය සේවාව සඳහා සහතික ලත් භාෂණ පරිවර්තකයන්
අවබෝධය අප සැමටම හිමිවිය යුතුය යනු සෞඛ්‍ය සේවා පරිසරයන්හි NAATI-සහතික ලත් භාෂණ පරිවර්තකයන් සමග කටයුතු කිරීම ප්‍රවර්ධනය කරන ජාතික NAATI දැනුවත් කිරීමේ ව්‍යාපාරයකි. එමගින් රෝගීන්ට භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටීමට උනන්දු කරන අතර සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ වැදගත්කම සෞඛ්‍ය සේවා ආයතනවලට අවබෝධ කරවීමට උපකාරී වේ.
මෙම ව්‍යාපාරය මගින් පහත දේවල් සඳහා සහාය වීම සඳහා NAATI-සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ භූමිකාව ඉස්මතු කර පෙන්වයි:
- සායනික ආරක්ෂාව සහ දැනුවත් අනුමැතිය
- රෝගීන්ගේ ගෞරවය සහ ස්වාධීනත්වය
- සෞඛ්‍ය සේවා වෙත සමාන ප්‍රවේශය
මෙම ව්‍යාපාරය සැලසුම් කර ඇත්තේ පහත කණ්ඩායම් සඳහාය:
- ඉංග්‍රීසි භාෂාව සීමිත හෝ නොදන්නා ප්‍රජා සාමාජිකයන්
- රෝගීන්ට සහාය දෙන පවුල් සාමාජිකයන් සහ රැකබලා ගන්නන් ඇතුළු වැඩිහිටි බලපෑම්කරුවන්
- ප්‍රාථමික සහ ප්‍රජා සෞඛ්‍ය සේවා පරිසරවල සෞඛ්‍ය වෘත්තිකයන් සහ සේවා සපයන්නන්
“අවබෝධය අප සැමට හිමිවිය යුතුය” ව්‍යාපාරය ජාතික සහ ප්‍රජා මට්ටමේ නාලිකා හරහා ක්‍රියාත්මක වේ. ඒවාට ඇතුළත් වන්නේ:
- වෙළඳ දැන්වීම්
- රූපවාහිනී සහ ගුවන්විදුලි
- ඩිජිටල් සහ සමාජ මාධ්‍ය වේදිකා
- මෙම වෙබ් අඩවිය තුළ මධ්‍යගත කර ඇති ප්‍රජා සම්පත්
රෝගීන් සහ සේවා සපයන්නන්ට NAATI-සහතික ලත් භාෂණ පරිවර්තකයන් සහ වෘත්තීය භාෂා සේවා ලබාගන්නා ආකාරය තේරුම් ගැනීමට උපකාරී වන ප්‍රායෝගික තොරතුරු මෙම ව්‍යාපාර ද්ලියකියවිලි මගින් ලබා දෙයි.
වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර රූපවාහිනී දැන්වීම (තත්පර 60)
SBS In Language සමග එක්ව නිෂ්පාදනය කරන ලද “අවබෝධය අප සැමට හිමිවිය යුතුය” රූපවාහිනී දැන්වීම
භාෂා උපසිරැසි සහිත රූපවාහිනී දැන්වීම
NAATI-සහතික ලත් භාෂණ පරිවර්තකයෙකු සමග කටයුතු කළ යුත්තේ ඇයි?
NAATI සහතිකය ඔස්ට්‍රේලියාවේ භාෂණ පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පවතින ප්‍රජා ප්‍රමිතිය වේ. NAATI මගින් සහතික කිරීම මගින් අදහස් වන්නේ භාෂණ පරිවර්තකයෙකු:
- ඔවුන්ගේ කුසලතා සහ සුදුසුකම් ඇගයීමට ලක් කර ඇති බව
- ඉංග්‍රීසි භාෂාව සහ ඔවුන්ගේ අනෙක් භාෂාව යන දෙකම දක්ෂ ලෙස භාවිතා කරන බව
- ආචාර ධර්ම සංග්‍රහයකට බැඳී සිටින බව
NAATI-සහතික ලත් භාෂණ පරිවර්තකයන් සමග කටයුතු කිරීම මගින් ආරක්ෂිත, ආචාරධාර්මික සහ උසස් ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාදීමට සහාය වේ. එමගින් ඔවුන් තම කාර්යය වෘත්තීයමය ලෙස සිදු කරන බවට ඔබට විශ්වාසය ලබාදෙයි.
සහතික ලත් භාෂණ පරිවර්තකයෙකු සොයාගන්න
ඔබට රජයේ හෝ සෞඛ්‍ය සේවාවකට ප්‍රවේශ වීමට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම්, එම සේවාව හරහා ඔවුන්ට භාෂණ පරිවර්තකයෙකු ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැකිය. ඔබ වෙන්කර ගැනීමක් හෝ හමුවීමක් සිදු කරන විට, “මට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍යයි” යැයි පවසා ඔබගේ භාෂාවද සඳහන් කළ හැකිය. ඔබට වැඩි පහසුවක් දැනෙන්නේ නම්, පිරිමි හෝ කාන්තා භාෂණ පරිවර්තකයෙකුද ඉල්ලා සිටීම ද කළ හැකිය. ඔස්ට්‍රේලියාවේ රජයේ හෝ සෞඛ්‍ය සේවාවන් භාවිතා කරන රෝගීන් සඳහා භාෂණ පරිවර්තකයන් සාමාන්‍යයෙන් නොමිලේ ලබා දේ. ඔබට ව්‍යාපෘතියක් හෝ ව්‍යාපාරික රැස්වීමක් සඳහා පෞද්ගලික භාෂණ පරිවර්තකයෙකු සොයාගැනීමට අවශ්‍ය නම්, NAATI හි මාර්ගගත නාමාවලිය හරහා සොයාගත හැකිය. මෙම නාමාවලිය මගින් විවිධ භාෂා, ස්ථාන සහ සේවා වර්ග හරහා සුදුසුකම් ලත් වෘත්තිකයන් සොයාගැනීමට හැකියාව ලබාදෙන අතර NAATI මගින් අනුමත කර ඇති භාෂා සේවා සපයන ව්‍යාපාරද ඇතුළත් වේ.
නාමාවලියට පිවිසෙන්න