ඔබගේ භාෂාව තෝරන්න

මෙම වෙබ් අඩවිය ඔබ තෝරාගන්නා භාෂාවෙන් දිස්වනු ඇත.

ඔබගේ ලේඛනය භාෂා පරිවර්තනය සඳහා සකස් කරන ආකාරය

ප්‍රවර්ගය භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් සමග වැඩ කිරීම ප්‍රකාශිත 30 January 2026

මෙම පිටුවෙහි


භාෂා පරිවර්තනයට පෙර ඔබගේ ලේඛනය නිසි ලෙස සකස් කිරීමෙන් භාෂා පරිවර්තකයන්ට වඩා කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකි වන අතර, ඔබ නිවැරදි සහ උසස් තත්ත්වයේ භාෂා පරිවර්තනයක් ලබාගැනීමට සහතික කරයි.

භාෂා පරිවර්තකයන් වැඩ කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම

භාෂා පරිවර්තකයෝ තම කාර්යය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා විශේෂිත මෘදුකාංග භාවිතා කරති. මුල් පාඨයට Microsoft Word වැනි වචන සැකසුම් ආකෘතියක තිබේ නම් එය භාවිතා කිරීමට වඩාත් පහසු වේ.

පරිගණක ආධාරයෙන් කෙරෙන භාෂා පරිවර්තන (Computer Assisted Translation) මෙවලම් මගින් පරිවර්තකයන්ට ලේඛනය කොටස්වලට වෙන් කිරීම, වේගවත් පරිවර්තනය සඳහා සහාය වීම සහ මුල් ලේඛනයේ ආකෘතිය ස්වයංක්‍රීයව යෙදීම වැනි විවිධ පහසුකම් ලබා දෙයි.

දිගු ලේඛන සඳහා භාෂා පරිවර්තකයන් බොහෝවිට පරිගණක ආධාරයෙන් භාෂා පරිවර්තන මෙවලම් (CAT tools) භාවිතා කරයි. සාමාන්‍ය ලේඛන සඳහා ඔවුන් වචන සැකසුම් වැඩසටහනක ආකෘතියක් තුළ සෘජුවම පරිවර්තනය සිදු කරයි.

සන්දර්භය සහ ස්ථාවරභාවය

දිගු ලේඛන සඳහා හෝ කලින් සිදු කළ පරිවර්තන සහිත ලේඛන සඳහා, පද භාවිතය ස්ථාවරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. භාෂා පරිවර්තකයාට එය සිදු කිරීමට සහාය වීමට, හැකි සෑම විටම සන්දර්භය, පද සංග්‍රහ සහ පෙර භාෂා පරිවර්තන පිටපත් ලබා දිය යුතුය.

එකම වචනය හෝ වාක්‍ය බොහෝවිට විවිධ ආකාරවලින් භාෂා පරිවර්තනය කළ හැකිය. උදාහරණයක් ලෙස, “bank” යන ඉංග්‍රීසි වචනය මුල්‍ය ආයතනයක් හෝ ගංගාවක ඉවුරක් යන අර්ථ දෙකෙන් එකක් වීමට ඉඩ ඇත. සන්දර්භය නිවැරදි අර්ථය තෝරා ගැනීමට භාෂා පරිවර්තකයාට උපකාරී වේ. එමෙන්ම සමුද්දේශ ද්‍රව්‍ය මගින් ඔබගේ ලේඛනය පුරා එකම පද භාවිතා කිරීම ස්ථාවරව පවත්වා ගැනීමට සහාය වේ.

ඔබගේ භාෂා පරිවර්තකයාට ලබාදිය යුතු තොරතුරු

සන්දර්භය සහ පසුබිම

  • භාෂා පරිවර්තනය භාවිතා කරන්නේ කෙසේද?
  • භාෂා පරිවර්තනයේ අරමුණ කුමක්ද?
  • ඉලක්කගත ප්‍රේක්ෂක පිරිස කවුද?

පාරිභාෂීක ද්‍රව්‍ය

  • පද සංග්‍රහය
  • ශෛලී මාර්ගෝපදේශය
  • කෙටි යෙදුම් පිළිබඳ පැහැදිලි කිරීම
  • පෙර භාෂා පරිවර්තන ගැන උදාහරණ (මෙය පද, ශෛලිය සහ වාක්‍ය රටාව ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වේ)

විශේෂ උපදෙස්

මෙම ප්‍රශ්න ගැන සලකා බලන්න:

  • උපුටා දැක්වීම් සහ යොමු මුල් භාෂාවෙන්ම තබාගත යුතුද? (අනුගමනය කළ හැකි බව සහ සොයාගැනීම පහසු කිරීම සඳහා මෙය නිර්දේශිතය)
  • නිල ආයතන හෝ නිෂ්පාදන නම් භාෂා පරිවර්තනය කළ යුතුද, නැතහොත් මුල් භාෂාවෙන්ම තබාගත යුතුද?
  • ඔබට පරිවර්තනය සහ මුල් පදය දෙකම පෙන්වීමට අවශ්‍යද?

උදාහරණයක් ලෙස, ඔබට පහත ආකාරයක් අවශ්‍ය විය හැක්කේ:

  • “Social Security Administration” සම්පූර්ණයෙන්ම භාෂා පරිවර්තනය කිරීම
  • “Social Security Administration (SSA)” මුල් කෙටි යෙදුමද ඇතුළත් කිරීම
  • “SSA” යන කෙටි යෙදුම ඉංග්‍රීසි භාෂාවෙන්ම තබා ගැනීම

ලේඛන ගුණාත්මක පරීක්ෂා ලැයිස්තුව

ඔබගේ ලේඛනය භාෂා පරිවර්තනය සඳහා යැවීමට පෙර, පහත වැදගත් කරුණු පරීක්ෂා කරන්න:

ලේඛන තත්ත්වය

  • මෙය පාඨයේ අවසාන අනුවාදයද?
  • එය පරීක්ෂා කර සෝදුපත් කියවා තිබේද?
  • පාඨ පැහැදිලිද සහ බහුඅර්ථ ජනනය නොකරන්නේද?

ලේඛනවල ගුණාත්මකභාවය

  • ලේඛනය උසස් ගුණාත්මක බවකින් යුතු වේද?
  • එය ස්කෑන් කළ ලේඛනයක් නම්, පාඨ පැහැදිලිව සහ පහසුවෙන් කියවිය හැකිද?
  • එය Microsoft Word වැනි සංස්කරණය කළ හැකි ගොනු ආකෘතියකද?

ආකෘතිමය අවශ්‍යතා

  • අවසන් භාෂා පරිවර්තනය ඔබට අවශ්‍ය වන්නේ කුමන ආකෘතියෙන් ද?
  • එයට විශේෂ ආකෘතිකරණයක් අවශ්‍යද?
  • එය වෙබ් අඩවියක් සඳහාද?
  • භාෂා පරිවර්තකයාට භාවිතා කළ හැකි ආකෘති ආදර්ශයක් ඔබට තිබේද?

පින්තූර සහ රූපසටහන්

  • ලේඛනය තුළ පින්තූර, වගු හෝ රූප සටහන් තිබේද?
  • ලේඛනය තුළ ඇති ප්‍රස්ථාර හෝ රූප සටහන් භාෂා පරිවර්තනය කළ යුතුද?
  • ඔබට ප්‍රස්ථාර සඳහා මුල් ගොනු (උදාහරණයක් ලෙස Excel ගොනු) ලබා දිය හැකිද?

අවසන් වශයෙන් වන උපදෙස්

හොඳ සූදානමක් තිබීම මගින් භාෂා පරිවර්තනයේ ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් විශාල වෙනසක් ඇති කරයි. ඒ සඳහා කාලය ගෙන පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න:

  • ඔබගේ ලේඛනය නිසි ලෙස සකස් කරන්න
  • සන්දර්භය සහ පාරිභාෂික ද්‍රව්‍ය ලබා දෙන්න
  • ඔබගේ අවශ්‍යතා පිළිබඳව භාෂා පරිවර්තකයා සමග පැහැදිලිව සන්නිවේදනය කරන්න
මෙම පිටුව ප්‍රයෝජනවත් වූවාද?(අවශ්‍යය)

මෙම පිටුව වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රතිචාර අපට උපකාරී වේ. අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට NAATI මෙම ප්‍රතිචාර භාවිතා කරයි.

ඔබට පිළිතුරක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ “අප හා සම්බන්ධ වන්න” පෝරමය භාවිතා කරන්න.