භාෂණ පරිවර්තනයක් සහිත හමුවකට හෝ රැස්වීමකට සූදානම් වීම
හොඳ සූදානමක් තිබීමෙන් භාෂණ පරිවර්තනයක් සහිත හමුවීම් සුමටව සිදු වීමට උපකාර වේ. පෙර සැලසුම් කර භාෂණ පරිවර්තකයාට නිවැරදි තොරතුරු ලබාදීමෙන් වැරදි අවබෝධයන් වළක්වා ගත හැකි අතර, කාලය ඉතිරි කරගෙන සියලු දෙනා සඳහා වෘත්තීය සහ සුදුසු පරිසරයක් නිර්මාණය කළ හැකිය.
අත්‍යවශ්‍ය විස්තර ලබාදෙන්න
භාෂණ පරිවර්තකයාට හමුවීමේ දිනය, වේලාව, ස්ථානය සහ අපේක්ෂිත කාලය කලින් දැනුම් දෙන බව සහතික කර ගන්න. කාමර අංක, ගොඩනැගිල්ලට ඇතුල් වීමේ උපදෙස් හෝ දුරස්ථ හමුවක් නම් සම්බන්ධ වීමට අවශ්‍ය සම්බන්ධක වැනි ප්‍රවේශ විස්තරද ඇතුළත් කරන්න. මෙය සැසිය වේලාවට ආරම්භ වීමට සහ සුමටව සිදු වීමට උපකාරී වේ.
නිවැරදි භාෂණ පරිවර්තන ක්‍රමය තෝරාගන්න
හමුවීමට පෙර භාෂණ පරිවර්තන ක්‍රමය කුමක්දැයි තීරණය කරන්න, මන්ද එය කාලය සහ සැලසුම් කටයුතු මත බලපෑම් කරයි
හමුවීමට පෙර භාෂණ පරිවර්තන ක්‍රමය කුමක්දැයි තීරණය කරන්න, මන්ද එය කාලය සහ සැලසුම් කටයුතු මත බලපෑම් කරයි
භාෂණ පරිවර්තකයා විසින් කථකයා විරාමයක් ගන්නා තෙක් බලා සිට, ඉන්පසු පවසන ලද දේ පරිවර්තනය කරයි. මෙම ක්‍රමය සාමාන්‍යයෙන් හමුවීම් හෝ කුඩා රැස්වීම්වලදී භාවිතා වේ. මෙවන් සැසියකට එක් භාෂාවකින් පමණක් සිදුවන සංවාදයකට වඩා සාමාන්‍යයෙන් දෙගුණයක් පමණ කාලයක් ගත වේ, එබැවින් ඔබගේ කාලසටහනේ අමතර කාලයක් වෙන් කරන්න.
සමගාමී භාෂණ පරිවර්තනය
සාමාන්‍යයෙන් හෙඩ්සෙට් එකක් හෝ භාෂණ පරිවර්තන කුටි වැනි විශේෂිත උපකරණ භාවිතා කරමින් භාෂණ පරිවර්තකයා විසින් තත්කාලීනව භාෂණ පරිවර්තනය සිදු කරයි. මෙම ක්‍රමය සන්නිවේදන ප්‍රවාහය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය විශාල රැස්වීම්, සම්මන්ත්‍රණ හෝ කණ්ඩායම් සාකච්ඡා සඳහා වඩාත් සුදුසු වේ. මෙය මනසට විඩාබර කටයුත්තක් වන බැවින්, නිවැරදිතාව පවත්වා ගැනීමට සහ වෙහෙස වළක්වා ගැනීමට අවම වශයෙන් භාෂණ පරිවර්තකයන් දෙදෙනෙකු භාවිතා කරමින් මාරුවෙන් මාරුවට කටයුතු කිරීම නිර්දේශ කරනු ලැබේ.
භාෂණ පරිවර්තකයෙකුව වෙන්කර ගැනීමේදී, භාවිතා කරන ක්‍රමය කුමක්දැයි තහවුරු කරගෙන, අවශ්‍ය උපකරණ නිසි ලෙස සකස් කර ඇති බව සහතික කරගන්න. ඔබට සැකයක් ඇත්නම්, ඔබගේ භාෂා සේවා සැපයුම්කරු හෝ භාෂණ පරිවර්තකයාට වඩාත් සුදුසු ක්‍රමය පිළිබඳව උපදෙස් ලබාදිය හැකිය.
භාෂණ පරිවර්තකයාට කෙටි විස්තරයක් ලබාදෙන්න
හැකි සෑම අවස්ථාවකම, භාෂණ පරිවර්තකයාට සැසියට පෙර කෙටි විස්තරයක් ලබාදෙන්න. එහිදී රැස්වීමේ අරමුණ, සහභාගී වන පුද්ගලයන් සහ භාෂණ පරිවර්තකයාට දැනගත යුතු ප්‍රධාන තොරතුරු බෙදා ගැනීම සිදු වේ. උදාහරණයක් ලෙස, රැස්වීම හැඟීම්බර, තාක්ෂණික හෝ සංවේදී එකක්ද යන්න භාෂණ පරිවර්තකයාට දැනුම් දෙන්න. මෙය ඔවුන්ට සුදුසු ස්වරය සහ පාරිභාෂික වචන තෝරා ගැනීමට උපකාරී වනු ඇත.
නිවැරදිව පරිවර්තනය කිරීමට භාෂණ පරිවර්තකයාට උදව් වන පරිදි, සියලු තාක්ෂණික භාෂාව, විශේෂිත පාරිභාෂික වචන හෝ විශේෂිත යෙදුම්හ කලින් හඳුන්වා දී සලකුණු කරන්න. සැසියට පෙර කෙටි සංවාදයක් සිදු කිරීම මගින් කාලය ඉතිරි කර ගත හැකි අතර, එමගින් වැරදි අවබෝධයන් වළක්වා, සන්නිවේදනය වඩා සුමට කරයි.
කල්තියා ද්‍රව්‍ය බෙදාගන්න
හැකිනම්, අදාළ ද්‍රව්‍ය හෝ රැස්වීම් න්‍යාය පත්‍රය කලින් ම භාෂණ පරිවර්තකයාට ලබාදෙන්න. මෙය ඔවුන්ට පාරිභාෂික වචන සූදානම් කරගැනීමට සහ සන්දර්භය අවබෝධ කරගැනීමට උපකාරී වේ. භාෂණ පරිවර්තකයන් රහස්‍යතාවය ආරක්ෂා කරන අචාර ධර්ම සංග්‍රහයකට බැඳී සිටින බැවින් ඔබ ලබාදෙන ඕනෑම තොරතුරක් හෝ ලේඛනයක් රහස්‍යව පවතී.
රැස්වීම අතරතුර ඔබගේ සේවාලාභියාගේ භාෂාවෙන් නොමැති ලේඛන බෙදාගන්නේ නම්, සැසිය ආරම්භයට පෙර ඒවා භාෂණ පරිවර්තකයාට ලබාදෙන්න. මෙමගින් ඔවුන්ට එම ලේඛණ කලින් ම සමාලෝචනය කිරීමට අවස්ථාව ලබාදේ. සමහර අවස්ථාවලදී, ඔවුන්ට එම ලේඛන දෘශ්‍ය පරිවර්තනය කිරීම සිදු කළ හැකිය.
භාෂණ පරිවර්තකයා හඳුන්වාදෙන්න
සැසිය ආරම්භ වීමට පෙර, භාෂණ පරිවර්තකයා හඳුන්වා දී, ඔවුන්ගේ කාර්යභාරය පැමිණ සිටින සියලු දෙනාට පැහැදිලි කරන්න. භාෂණ පරිවර්තකයා සියලු පාර්ශ්ව අතර සන්නිවේදනය පහසු කරවයි. එමෙන්ම එක් භාෂාවකින් කියන සියල්ල අනෙක් භාෂාවට නිවැරදිව ලබාදෙන බව සහතික කරයි. ඔවුන් විසින් තොරතුරු එකතු කිරීම, ඉවත් කිරීම හෝ වෙනස් කිරීම නොකරයි. එසේම ඔවුන් අදහස්, උපදෙස් හෝ පැහැදිලි කිරීම් ලබා නොදෙයි.
ඔබට සරල ප්‍රකාශයකින් ආරම්භ කළ හැකිය: “මේ අපගේ භාෂණ පරිවර්තකයා, අද අපට සන්නිවේදනය කරන්න උදව් කරනවා. අප කියන සියල්ල නිවැරදිව සහ රහස්‍යභාවයෙන් යුතුව පරිවර්තනය කරනවා.’
සහභාගීවන්නන්ට භාෂණ පරිවර්තකයා පළමු පුද්ගලයෙන් (උදා: “මම”, “අපි”) කතා කරන බව මතක් කර දෙන්න, මෙය සංවාදයේ ස්වාභාවික ගලා යෑම පවත්වා ගැනීමට උපකාරී වේ. සියලු දෙනා භාෂණ පරිවර්තකයාට නොව එකිනෙකාට සෘජුව කතා කළ යුතු අතර, භාෂණ පරිවර්තනය සඳහා කාලය ලබාදීමට විරාම ගන්න.
මතක තබාගත යුතු වැදගත් කරුණු
- භාෂණ පරිවර්තනය සහිත සැසි සඳහා අමතර කාලයක් වෙන් කරන්න.
- කෙටි වාක්‍ය ඛණ්ඩවලින් කතා කර, නිතර විරාම ගන්න.
- භාෂණ පරිවර්තකයා සමග නොව ඔබගේ සේවාලාභියා සමග ඇස් සම්බන්ධතාවය පවත්වා ගන්න, .
- පැහැදිලි, සරල භාෂාවක් භාවිතා කරන්න.
- ප්‍රදේශීය වචන, වහරී ප්‍රකාශ හෝ සංකීර්ණ සමානකරණ භාවිතා කිරීමෙන් වළකින්න.
- ඉවසිලිවන්ත වන්න. එකම අර්ථය ප්‍රකාශ කිරීමට සමහර භාෂාවල වැඩි හෝ අඩු වචන ගණනක් අවශ්‍ය විය හැකිය.
භාෂණ පරිවර්තකයන් රහස්‍යභාවය, පක්ෂපාතී නොවීම සහ නිවැරදිභාවය අනිවාර්ය කරන අචාර ධර්ම සංග්‍රහයක් අනුගමනය කරන බව අවබෝධ කරගැනීම, විශ්වාසය ගොඩනගා ගැනීමට සහ සැසිය පුරා වෘත්තීය සන්නිවේදනයක් සිදුවන බව සහතික කිරීමට ද උපකාරී වේ.
අතිරේක සම්පත්
භාෂණ පරිවර්තකයන් සමඟ කටයුතු කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, පිවිසෙන්න:
- භාෂණ පරිවර්තකයෙකු හරහා සන්නිවේදනය කිරීම පිළිබඳ AUSIT තොරතුරු පත්‍රිකාව
- භාෂණ පරිවර්තකයන් වෙන්කර ගැනීම සහ ඔවුන්ට කෙටි විස්තර ලබාදීම පිළිබඳ AUSIT තොරතුරු පත්‍රිකාව
- භාෂණ පරිවර්තකයන්ට කෙටි විස්තර ලබාදීම පිළිබඳ Language Loop මාර්ගෝපදේශය
- සම්මුඛ සාකච්ඡා සහ කේන්ද්‍රිත කණ්ඩායම් සඳහා තත්කාලීන භාෂණ පරිවර්තකයෙකු භාවිතා කිරීම පිළිබඳ වැදගත් උපදෙස්