සහතික ලත් භාෂණ පරිවර්තකයන් හෝ පරිවර්තකයන් නොමැති විට කළ යුත්තේ කුමක්ද
ඔස්ට්‍රේලියාවේ සමහර භාෂා සඳහා NAATI සහතික ලත් භාෂණ පරිවර්තකයන් හෝ භාෂා පරිවර්තකයන් කිසිවෙකු නොමැති වීම හෝ ඉතා අඩු සංඛ්‍යාවක් සිටීම හෝ සිදුවිය හැකිය. ඔබට භාෂා සේවා අවශ්‍ය නම්, එවැනි අවස්ථාවල කළ හැකි දේ මෙම ලිපියෙන් පැහැදිලි කරයි.
භාෂා සේවා සපයන්නෙකු සම්බන්ධ කරගන්න
භාෂා සේවා සපයන්නන්ට NAATI සහතිකය නොමැති වුවද, වැඩ අත්දැකීම් සහ පුහුණුව ඇති භාෂණ පරිවර්තකයෙකු හෝ භාෂා පරිවර්තකයෙකු සොයා දීමට හැකිය. ඔවුන්ගේ අත්දැකීම් ගැන විමසා නිර්දේශ ඉල්ලා ගන්න.
භාෂණ පරිවර්තන කටයුතු සඳහා කණ්ඩායම් ප්‍රවේශයක් භාවිතා කරන්න
සමහර අවස්ථාවලදී, ඔබට භාෂාව දන්නා ද්විභාෂා පුද්ගලයෙකු, NAATI සහතික ලත්, සම්බන්ධිත භාෂාවක් දන්නා භාෂණ පරිවර්තකයෙකු සමග එක්ව භාෂණ පරිවර්තනය කිරීම සඳහා භාවිතා කළ හැකිය. මෙම කණ්ඩායම් ප්‍රවේශය මගින්, සහතික ලත් භාෂණ පරිවර්තකයා විසින් ද්විභාෂා පුද්ගලයාට නිවැරදිව පරිවර්තනය කිරීම පිළිබඳ මගපෙන්වීම ලබා දෙන නිසා ගුණාත්මකභාවය සහතික කරයි; කෙසේ වෙතත්, මෙය සාමාන්‍යයෙන් මන්දගාමී වන අතර වැඩි කාලයක් ගත විය හැකිය.
ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ කරගන්න
සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න:
- තානාපති කාර්යාලය, මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාල
- විදේශීය භාෂණ පරිවර්තක සහ පරිවර්තක ප්‍රතිපත්ති සහ සහතික කිරීමේ ආයතන
- විදේශීය භාෂණ පරිවර්තක සහ පරිවර්තක වෘත්තීය සංගම්
- AIIC (සම්මන්ත්‍රණ භාෂණ පරිවර්තකයන්ගේ ජාත්‍යන්තර සංගමය)
- International Federation of Translators (ජාත්‍යන්තර පරිවර්තක සම්මේලනය) (සාමාජික රටවල් සහ ඒවායේ වෘත්තීය සංගම් සියල්ල බැලීමට සාමාජික ලැයිස්තුව බලන්න)
- ATA (ඇමෙරිකානු පරිවර්තක සංගමය)
- NZSTI ( නවසීලන්ත භාෂා පරිවර්තක සහ භාෂණ පරිවර්තක සංගමය)
- විදේශීය භාෂා සේවා සපයන්නන්
NAATI සහතික ලත් භාෂා පරිවර්තකයෙකු මගින් පරිවර්තනය අවශ්‍යද?
රජයේ ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් NAATI සහතික ලත් පරිවර්තනයක් ඉල්ලා සිටින්නේ නම්, සහ ඔබගේ භාෂාව සඳහා එවැනි පරිවර්තකයන් නොමැති නම්, NAATI සමග සම්බන්ධ වන්න. අපට ඔබගේ භාෂාව සඳහා සහතික ලත් පරිවර්තකයන් නොමැති බව තහවුරු කරන ලිපියක් ලබාදිය හැකිය.
වැදගත් අනතුරු ඇඟවීම: පවුලේ අය හෝ මිතුරන් භාෂණ පරිවර්තකයන් ලෙස භාවිතා නොකරන්න
විශේෂයෙන් පහත වැදගත් අවස්ථාවලදී පවුලේ සාමාජිකයන්, සහකරු/සහකාරිය, මිතුරන් හෝ දරුවන් භාෂණ පරිවර්තකයන් ලෙස භාවිතා කිරීම NAATI දැඩිව නොනිර්දේශ කරයි:
- වෛද්‍ය හමුවීම්
- නීතිමය කටයුතු
- නිල රජයේ සේවා
ද්විභාෂික පුද්ගලයෙකු සහ භාෂණ පරිවර්තකයෙකු අතර වෙනස පිළිබඳ අපගේ උපදෙස් මෙතැනින් බලන්න .
උදව් අවශ්‍යද?
ඔබට කළ යුතු දේ පිළිබඳව සැකයක් තිබේ නම්, NAATI සමග සම්බන්ධ වන්න නැත්නම් ඔබගේ තත්ත්වයට වඩාත් සුදුසු විකල්පය ගැන උපදෙස් සඳහා භාෂා සේවා සපයන්නෙකු සම්බන්ධ කරගන්න.