තනි පුද්ගලයෙකු හෝ භාෂා සේවා සපයන්නෙකු තෝරා ගැනීම
ඔබට භාෂා පරිවර්තන හෝ භාෂණ පරිවර්තන සේවා අවශ්‍ය වන විට, ඔබට තනි භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු සහ භාෂා සේවා සපයන්නෙකු (LSP) අතරින් තෝරා ගත හැකිය.
1. ඔබගේ අවශ්‍යතා නිර්වචනය කරන්න
- ඔබට අවශ්‍ය සේවා වර්ගය හඳුනාගන්න — භාෂා පරිවර්තනය, භාෂණ පරිවර්තනය, හෝ දෙකම.
- අවශ්‍ය භාෂා සහ උපභාෂා නිශ්චිතව සඳහන් කරන්න.
- විෂය ක්ෂේත්‍ර විශේෂ දැනුම ඇති පුද්ගලයෙකු ඔබට අවශ්‍යද යන්න සලකා බලන්න.
- මෙය එක් වරක් සිදු කරන ව්‍යාපෘතියක්ද නැත්නම් දිගටම සිදු වන ව්‍යාපෘතියක්ද යන්න සහ ඕනෑම අවසන් කාල සීමා නිශ්චය කරන්න.
| තනි පුද්ගල භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් | LSPs |
|---|---|
| තනි පුද්ගල භාෂා පරිවර්තකයෝ සහ භාෂණ පරිවර්තකයෝ සෘජු සන්නිවේදනයක් සහ පුද්ගලිකකරණය වූ ප්‍රවේශයක් ලබා දෙති. විශේෂයෙන්ම අඩු භාවිත භාෂා හෝ කුඩා ව්‍යාපෘති සඳහා, ඔවුන් බොහෝවිට වියදම අඩු සහ නම්‍යශීලී වේ. | LSPs (භාෂා සේවා සපයන්නන්) හට බහු භාෂා ඇතුළත් විශාල ව්‍යාපෘති, උදාහරණ ලෙස සම්මන්ත්රණ, උත්සව, හෝ විශාල ප්‍රමාණයේ භාෂා පරිවර්තන කටයුතු කළමනාකරණය කළ හැකිය. ඔවුන්ට බොහෝවිට භාෂා පරිවර්තන හෝ භාෂණ පරිවර්තන සඳහා භාවිතා වන තාක්ෂණ හෝ මෙවලම්වලට ප්‍රවේශයද ඇත. |
සුදුසුකම් සහ ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න
NAATI මගින් සහතික ලත් භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු බව තහවුරු කර ගැනීමට, ‘Check a NAATI Certification’ (NAATI සහතිකය පරීක්ෂා කරන්න) මෙවලම භාවිතා කළ හැකිය. ඔවුන් AUSIT, ASLITA හෝ NZSTI වැනි වෘත්තීය සංගමයක සාමාජිකයෙකුද යන්නද ඔබට විමසිය හැකිය. සෑම විටම ඔවුන්ගේ යොමු පරීක්ෂා කරන්න.
SPs සඳහා, ඔවුන් NAATI මගින් සහතික ලත් වෘත්තීය නිපුණයන් සමඟ කටයුතු කරන බව සහතික කර ගන්න. ඔබට සැකයක් ඇති නම්, වෘත්තීකයාගේ CPN අංකය ඉල්ලාගෙන එය NAATI වෙබ් අඩවියේ මෙවලම භාවිතා කර තහවුරු කළ හැකිය.. මාර්ගගත සමාලෝචන සහ යොමු පරීක්ෂා කරන්න. ගුණාත්මකභාවය පාලනය කිරීමේ ක්‍රියාවලීන් ගැන විමසමින් ඔවුන්ට අදාළ සංස්කෘතික කරුණු සහ විශේෂිත වචන භාවිතය පිළිබඳ අවබෝධය ඇති බව තහවුරු කර ගන්න.
3. පිරිවැය සහ වටිනාකම සසඳන්න
මිල ගණන් සැසඳීම සඳහා විවිධ සේවා සපයන්නන්ගෙන් මිලගණන් කිහිපයක් ලබා ගන්න. තනි පුද්ගල සේවා සපයන්නන් සඳහා, ඉක්මන් සේවා ගාස්තු වැනි සැඟවුණු ගාස්තු නොමැති බව තහවුරු කරන්න. LSPs සඳහා, ව්‍යාපෘති කළමනාකරණය, ගුණාත්මකභාවය සහතික කිරීම සහ තාක්ෂණික සහාය වැනි අතිරේක සේවාවන්ගේ වටිනාකමද සලකා බලන්න.
නිල ලේඛන සඳහා සහතික කළ පරිවර්තනයක් අවශ්‍යද?
ඔබට ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා උදාහරණයක් ලෙස උප්පැන්න සහතිකයක් හෝ අධ්‍යයන ප්රතිලාභ වැනි නිල ලේඛනයක් පරිවර්තනය කරගැනීමට අවශ්‍ය නම්, එය සාමාන්‍යයෙන් NAATI මගින් සහතික ලත් භාෂා පරිවර්තකයෙකු විසින් සිදු කළ යුතු වේ. ඔබ LSP එකක් (භාෂා සේවා සපයන්නෙකු) තෝරාගෙන ඇත්නම්, පරිවර්තනය NAATI මගින් සහතික ලත් භාෂා පරිවර්තකයෙකු විසින්ම සිදු කළ යුතු බව නිශ්චිතව සඳහන් කරන්න.
ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සුදුසු වෘත්තීකයෙකු සොයා ගැනීමට NAATI මාර්ගගත නාමාවලිය භාවිතා කරන්න.