ඔබගේ භාෂාව තෝරන්න

මෙම වෙබ් අඩවිය ඔබ තෝරාගන්නා භාෂාවෙන් දිස්වනු ඇත.

පරිවර්තන සහ භාෂණ පරිවර්තන සඳහා වැයවන පිරිවැය තේරුම් ගැනීම

ප්‍රවර්ගය භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් සමග වැඩ කිරීම ප්‍රකාශිත 30 January 2026

“මෙම කාර්යය සඳහා කොපමණ මුදලක් වැය වේද?” යන ප්‍රශ්නයට එකම පිළිතුරක් නොමැත. සෑම කාර්යයකම මිල සේවාවේ වර්ගය, වෘත්තිකයාගේ පළපුරුද්ද සහ සේවාලාභියාගේ අවශ්‍යතා මත රඳා පවතී. වෘත්තිකයෝ සාමාන්‍යයෙන් සාධාරණ ආදායමක් උපයා ගනිමින් ගුණාත්මක සේවාවක් ලබාදීමට හැකි වන පරිදි තම ගාස්තු නියම කරති.

මෙම ලිපිය මගින් මිල ගණන්වලට බලපාන සමහර කරුණු විස්තර කරයි. එම කරුණු අවබෝධ කරගැනීමෙන් ඔබට දැනුවත් තෝරා ගැනීම් සහ යථාර්ථවාදී ලෙස වියදම් සැලසුම් කළ හැකිය.

පිරිවැය තේරුම් ගැනීමට හොඳම ක්‍රමය වන්නේ විවිධ වෘත්තිකයන්ගෙන් මිල සදහන් කිරීම් කිහිපයක් ඉල්ලා සිටීමය. එවිට ඔබට මිල ගණන් සහ ඇතුළත් දේ සංසන්දනය කළ හැකිය.

මිල ගණන් ක්‍රියා කරන ආකාරය

රිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් සාමාන්‍යයෙන් ස්වාධීනව සේවය කරති, නැතහොත් භාෂා සේවා සපයන්නන් (LSPs) විසින් රැකියාවට බදවා ගනු ලැබේ. සාමාන්‍යයෙන්, LSPs හි ව්‍යාපාරික වියදම් වැඩි වන අතර, ස්වාධීන වෘත්තිකයෝ තමන්ගේම වියදම් කළමනාකරණය කර ගනිති.

ගාස්තුවලට බලපාන කරුණු:

  • සේවාවේ වර්ගය, ඒ සඳහා සම්බන්ධ වන පරිවර්තකයන් හෝ භාෂණ පරිවර්තකයන් ගණන ඇතුළුව
  • විෂයයේ සංකීර්ණතාව, අවශ්‍ය සූදානම හෝ පර්යේෂණ මට්ටම ඇතුළුව
  • NAATI සහතිකකරණයේ මට්ටම
  • පුහුණුව සහ පළපුරුද්ද
  • කාල සීමා, කාර්ය මණ්ඩලයෙන් පිටත වේලාවන්හි සේවය කිරීම හෝ හදිසි සේවා ගාස්තු
  • ස්ථානීය සේවාව සඳහා ගමන් වියදම්

සේවා වර්ග සහ මිල ගණන් ව්‍යුහයන්

විවිධ සේවාවන් සඳහා විවිධ මිල ගණන් ව්‍යුහයන් පවතී

  • භාෂා පරිවර්තන සේවා සඳහා බොහෝවිට ලේඛනයකට, පිටුවකට හෝ වචනයකට අනුව ගාස්තු අය කරන නමුත්, කාර්යයේ ස්වභාවය අනුව ගතවන කාලය අනුවද ගාස්තු අය කිරීම සිදු විය හැකිය.
  • භාෂණ පරිවර්තන සේවා සඳහා පැය, අර්ධ දින හෝ සම්පූර්ණ දිනය අනුව ගාස්තු අය කරයි. පැය ගණන ගණනය කරන විට සූදානම් වීමේ කාලය සහ ගමන් වියදම්ද ඇතුළත් වේ.

පරිවර්තන මිල ගණන්

  • සම්මත ලේඛන පරිවර්තනය (උදා: උප්පැන්න සහතික හෝ රියදුරු බලපත්‍ර වැනි): සාමාන්‍යයෙන් පිටුවකට හෝ එක් ලේඛනයකට ගාස්තු අය කරයි. මේවා සම්පූර්ණ පරිවර්තන හෝ ප්‍රධාන කොටස් පමණක් ඇතුළත් සාරාංශ පරිවර්තන විය හැකිය.
  • සාමාන්‍ය පරිවර්තන: සාමාන්‍යයෙන් වචන අනුව ගාස්තු අය කරන අතර කුඩා වැඩ සඳහා අවම ගාස්තුවක් ඇත.
  • විශේෂිත කාර්ය (නීතිමය, වෛද්‍ය හෝ සාහිත්‍ය වැනි): අවශ්‍ය විශේෂඥ දැනුම අවශ්‍ය වන නිසා ඉහළ ගාස්තු අය කරයි. මෙයට අමතර ගුණාත්මක පරීක්ෂා වියදම්ද ඇතුළත් විය හැකිය.
  • යාන්ත්‍රික පරිවර්තන සංස්කරණය: යන්ත්‍රිකව සකස් කළ පරිවර්තන නිවැරදි කිරීම. පරිවර්තකයා විසින් යන්ත්‍ර පරිවර්තනයේ ගුණාත්මකභාවය අනුව වචන හෝ පැය ගණන අනුව ගාස්තු අය කිරීම කළ හැකිය.

භාෂණ පරිවර්තන මිලගණන්

  • භාෂණ පරිවර්තන සේවා: පැය, අර්ධ දින හෝ දින අනුව ගාස්තු අය කරයි. සේවා ලබාදෙන ආකාරය (අනුක්‍රමික හෝ සමගාමී භාෂණ පරිවර්තනය, සෘජුව හමුවීමෙන් හෝ දුරස්ථව) අනුව ගාස්තු වෙනස් වේ.
  • සම්මන්ත්‍රණ හෝ ඔස්ලෑන් භාෂණ පරිවර්තනය: දිගු කාර්යයන් සඳහා බොහෝවිට භාෂණ පරිවර්තකයන් දෙදෙනෙකු අවශ්‍ය වේ.
  • සම්මන්ත්‍රණ භාෂණ පරිවර්තනය: විශේෂිත උපකරණ අවශ්‍ය විය හැකිය.
  • අවම වෙන්කර ගැනීම සහ අවලංගු කිරීම: භාෂණ පරිවර්තකයන්ට කෙටි කාර්ය සඳහා පවා, බොහෝවිට අවම ගාස්තුවක් (උදා: පැය 2–3) ඇත. වෙන්කර ගැනීමක් කෙටි දැනුම්දීමකින් අවලංගු කළහොත්, ඔවුන්ට ගාස්තුවක් අය කළ හැකිය.

මිලගණන් දැක්වීමක් ඉල්ලන විට ඇසිය යුතු දේ මොනවාද?

අනපේක්ෂිත ගාස්තු වැළැක්වීමට, සැමවිටම තහවුරු කර ගන්න:

  • සම්පූර්ණ ගාස්තුව (අදාළ නම් GST ඇතුළත්ද යන්න)
  • ගාස්තුව ගණනය කරන ආකාරය (වචන අනුව, පැය අනුව, ලේඛනය අනුව)
  • අවසන් කිරීමට ගතවන කාලය
  • පරිවර්තන ගාස්තුවට ගුණාත්මක පරීක්ෂාව ඇතුළත්ද යන්න
  • වියදම අඩු කළ හැකි විකල්ප තිබේද යන්න(උදා: හදිසි ගාස්තු වළක්වා ගැනීමට අවසන් දිනය සකස් කිරීම)

ඔබගේ ඉල්ලීම පැහැදිලි සහ විස්තරාත්මක වන තරමට, ලබාදෙන මිල ගණන වඩාත් නිවැරදි වේ.

මෙම පිටුව ප්‍රයෝජනවත් වූවාද?(අවශ්‍යය)

මෙම පිටුව වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රතිචාර අපට උපකාරී වේ. අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට NAATI මෙම ප්‍රතිචාර භාවිතා කරයි.

ඔබට පිළිතුරක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ “අප හා සම්බන්ධ වන්න” පෝරමය භාවිතා කරන්න.