සෞඛ්ය පෝස්ටර සම්පත
‘අප සියලු දෙනාටම අවබෝධ වීමට හිමිකම ඇත’ යනු සෞඛ්ය සේවා පරිසරයන් විශේෂයෙන් අවධානයට ගනිමින්, NAATI සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ අත්යවශ්ය භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්රියාත්මක වන ජාතික ප්රචාරණ ව්යාපාරයකි. මෙමගින් රෝගීන්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් වෙනුවට වෘත්තීය භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටීමට දිරිමත් කරන අතර, සෞඛ්ය සේවා ආයතන තම සේවා සැපයීමේ වගකීමේ කොටසක් ලෙස සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ භාවිතයේ වැදගත්කම හඳුනා ගැනීමට සහය දක්වයි.
මෙම ප්රචාරණ ව්යාපාරය පිළිබඳ මෙතැනින් වැඩිදුර කියවන්න . .
මෙම පෝස්ටරය භාවිතා කරන්නේ කෙසේද?

භාෂණ පරිවර්තකයෙකුගේ සේවය ඉල්ලා සිටීමට රෝගීන් දිරිමත් කිරීම සඳහා, මෙම පෝස්ටරය භාෂණ පරිවර්තන සේවා නොමිලේ සපයන සාමාන්ය වෛද්ය සායනවල හෝ රෝහල්වල රෝගීන් රැඳී සිටින කාමරවල ප්රදර්ශනය කළ හැකිය. NAATI ආයතනය විසින් LanguageLoop සහ AUSIT සමග එක්ව මෙම පෝස්ටරය සකස් කර ඇත. සහතික ලත් භාෂණ පරිවර්තකයන් අනුගමනය කිරීමට බැඳී සිටින ආචාරධර්ම සහ චර්යාධර්ම පද්ධතිය පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීමට මෙම පෝස්ටරය උපකාරී වේ. එමෙන්ම, භාෂණ පරිවර්තන සේවා රහස්යභාවය ආරක්ෂා කරමින් වෘත්තීය මට්ටමින් සපයන බවට රෝගීන් තුළ විශ්වාසයක් ඇති කිරීමට ද මෙය උපකාරී වේ.
රෝගීන් සහ සෞඛ්ය සේවා වෘත්තිකයන් අතර පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගැනීම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, දැනුවත්ව තීරණ ගැනීම සහ ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබා දීමට සඳහා අත්යවශ්ය වේ.
*’මෙය නොමිලේ’ යන සඳහන ඇතුළත් නොවන මෙම පෝස්ටරයේ පිටපතක් පහත සඳහන් භාෂාවලින් ද ලබා ගත හැකිය. එහි පිටපතක් ඉල්ලා සිටීමට communications@naati.com.au විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ සම්බන්ධ වන්න.