ඔබගේ භාෂාව තෝරන්න

මෙම වෙබ් අඩවිය ඔබ තෝරාගන්නා භාෂාවෙන් දිස්වනු ඇත.

සායනික ක්‍රියාමාර්ග සඳහා ඩිජිටල් දැනුවත් කිරීමේ කට්ටලය

ප්‍රවර්ගය ප්‍රචාරණ ව්‍යාපාරය ප්‍රකාශිත 21 සැප්තැම්බර් 2026

‘අප සියලු දෙනාටම අවබෝධ වීමට හිමිකම ඇත’ යනු සෞඛ්‍ය සේවා පරිසරයන් විශේෂයෙන් අවධානයට ගනිමින්, NAATI සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ අත්‍යවශ්‍ය භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රචාරණ ව්‍යාපාරයකි. මෙමගින් රෝගීන්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් වෙනුවට වෘත්තීය භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටීමට දිරිමත් කරන අතර, සෞඛ්‍ය සේවා ආයතන තම සේවා සැපයීමේ වගකීමේ කොටසක් ලෙස සහතික ලත් භාෂණ පරිවර්තකයන්ගේ භාවිතයේ වැදගත්කම හඳුනා ගැනීමට සහය දක්වයි.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරය පිළිබඳ මෙතැනින් වැඩිදුර කියවන්න . .

වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර රූපවාහිනී දැන්වීම (තත්පර 60)

SBS In Language සමග එක්ව නිර්මාණය කළ ‘අප සැමටම අපව අවබෝධ කරගනු ලැබීමට අයිතියක් ඇත’ යන රූපවාහිනී වෙළඳ දැන්වීම.

තත්පර 60ක මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම, රෝගීන් රැඳී සිටින කාමරවල ප්‍රදර්ශනය කිරීම සඳහා බාගත කර ගත හැකිය. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් සංවෘත සිරස්තල සහිතව ලබා ගත හැකි අතර අරාබි, සරල චීන, සාම්ප්‍රදායික චීන, ප්‍රංශ, ග්‍රීක, හින්දි, ඉතාලි, ඛමර්, මැසිඩෝනියානු, රුසියානු, සර්බියානු, ස්පාඤ්ඤ, තායි සහ තුර්කි යන භාෂා 14කින් උපසිරැසි සහිතව ද ලබා ගත හැකිය.

TVC ෆෝල්ඩරය බලන්න (mp4)

වෘත්තීය භාෂණ පරිවර්තන සේවා, NAATI සහතිකකරණය සහ ආරක්ෂිත සාමාන්‍ය වෛද්‍ය සේවා

NAATI ආයතනය විසින් Royal Australian College of General Practitioners (RACGP), සමග එක්ව සකස් කරන ලද මෙම ප්‍රායෝගික සම්පත, ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කරන හෝ බිහිරි හෝ ශ්‍රවණාබාධ සහිත රෝගීන් සමග කටයුතු කරන සාමාන්‍ය වෛද්‍යවරුන්ට, සායන කළමනාකරුවන්ට, පිළිගැනීමේ කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහාය වේ.

උපදේශන හමුවලදී භාෂණ පරිවර්තකයෙකුගේ සේවය ලබා ගත යුත්තේ කවදාද සහ කෙසේද, භාෂණ පරිවර්තකයන් සමග ඵලදායී ලෙස කටයුතු කරන්නේ කෙසේද, අවිධිමත් භාෂණ පරිවර්තනය, ද්විභාෂික කාර්ය මණ්ඩලය සහ කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් සිදු කරන සන්නිවේදනය සම්බන්ධ අවදානම්, NAATI සහතිකකරණය සහ තත්ත්ව සහතිකය, සහ භාෂණ පරිවර්තකයෙකුගේ සේවය ලබා ගන්නා උපදේශන හමුවලට අදාළ ගාස්තු අය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මෙමගින් සපයයි.

සම්පත බාගත කරගන්න (PDF 3.8MB) සම්පත බාගත කරගන්න (Doc 2.8MB)


භාෂණ පරිවර්තක කාඩ්පත

භාෂා සහාය අවශ්‍ය අවස්ථාවලදී භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටීමට ජනතාවට උපකාර කිරීම සඳහා NAATI ආයතනය සරල කාඩ්පතක් සකස් කර ඇත. භාෂණ පරිවර්තකයෙකුගේ සේවය අවශ්‍ය බව දැනුම් දීම සඳහා මෙම කාඩ්පත සේවා සපයන්නෙකුට පෙන්විය හැකිය.

වෘත්තීය භාෂණ පරිවර්තකයෙකුගේ සේවය ලබා ගැනීම මගින් වැදගත් තොරතුරු පැහැදිලිව සහ නිවැරදිව සන්නිවේදනය වන බව සහතික කර ගැනීමට උපකාරී වේ. NAATI සහතිකලත් භාෂණ පරිවර්තකයන් යනු ජාතික ප්‍රමිතීන්ට අනුව සේවය කරන සහ නිරවද්‍යතාව, රහස්‍යභාවය හා අපක්ෂපාතීත්වය රැකීමට කැපවී සිටින සුදුසුකම් ලත් වෘත්තිකයන්ය.

සම්පත බාගත කරගන්න (PDF 3.6MB)

රෝගීන් රැඳී සිටින කාමර සඳහා පෝස්ටරය

භාෂණ පරිවර්තකයෙකුගේ සේවය ඉල්ලා සිටීමට රෝගීන් දිරිමත් කිරීම සඳහා, මෙම පෝස්ටරය භාෂණ පරිවර්තන සේවා නොමිලේ සපයන සාමාන්‍ය වෛද්‍ය සායනවල හෝ රෝහල්වල රෝගීන් රැඳී සිටින කාමරවල ප්‍රදර්ශනය කළ හැකිය. NAATI ආයතනය විසින් LanguageLoop සහ AUSIT සමග එක්ව මෙම පෝස්ටරය සකස් කර ඇත. සහතික ලත් භාෂණ පරිවර්තකයන් අනුගමනය කිරීමට බැඳී සිටින ආචාරධර්ම සහ චර්යාධර්ම පද්ධතිය පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීමට මෙම පෝස්ටරය උපකාරී වේ. එමෙන්ම, භාෂණ පරිවර්තන සේවා රහස්‍යභාවය ආරක්ෂා කරමින් වෘත්තීය මට්ටමින් සපයන බවට රෝගීන් තුළ විශ්වාසයක් ඇති කිරීමට ද මෙය උපකාරී වේ.

රෝගීන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගැනීම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, දැනුවත්ව තීරණ ගැනීම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සඳහා අත්‍යවශ්‍ය වේ.

*‘මෙය නොමිලේ’ යන සඳහන නොමැති මෙම පෝස්ටරයේ පිටපතක් ද පහත සඳහන් භාෂාවලින් ලබා ගත හැකිය. පිටපතක් ඉල්ලා සිටීමට communications@naati.com.au විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ සම්බන්ධ වන්න.

මෙම පිටුව ප්‍රයෝජනවත් වූවාද?(අවශ්‍යය)

මෙම පිටුව වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රතිචාර අපට උපකාරී වේ. අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට NAATI මෙම ප්‍රතිචාර භාවිතා කරයි.

ඔබට පිළිතුරක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ “අප හා සම්බන්ධ වන්න” පෝරමය භාවිතා කරන්න.